Sabaragamuwa University of Sri Lanka

තොරතුරු තාක්ෂණය, සමානාත්මතාව හා වාණිජ මෘදුකාංග නිදහස් හා විවෘත මූල මෘදුකාංග පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක

Show simple item record

dc.contributor.author Prabath, Galagamage
dc.date.accessioned 2021-01-11T04:24:49Z
dc.date.available 2021-01-11T04:24:49Z
dc.date.issued 2018
dc.identifier.isbn 2478-0642
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/123456789/1113
dc.description.abstract තොරතුරු තාක්ෂණයේ අති දැවැන්ත වර්ධනය හමුවේ අද ලෝකය දශක කිහිපයකට පූර්වයෙන් පැවති ලෝකයට වඩා සුවිසල් වෙනසක් අත්පත් කරගෙන ඇත. සන්නිවේදන තාක්ෂණය හා පරිගණක තාක්ෂණය එක්ව සුසැදි තොරතුරු තාක්ෂණය මිනිස් ජීවිතයේ සියලූ ඉසව් තුළට සංක‍්‍රමණය වී හමාරය. මේ මත මෙය ලොව ප‍්‍රමුඛ ව්‍යවසායක ක්ෂෙ ්ත‍්‍රයක් බවටද තොරතුරු තාක්ෂණය පරිවර්තනය වී අවසන්ය. එහෙත් මෙකී තොරතුරු තාක්ෂණයේ මහඟු ඵල පොදු ජනතාවට ඒ අයුරින්ම අත්පත් කර ගත හැකිද? මෙම ගැටලූව ප‍්‍රබලව පැන නැගෙන්නකි. තොරතුරු තාක්ෂණය තුළද අනෙක් තාක්ෂණ තුළදී මෙන්ම සමාජ අසමානතාව බහුලව ක‍්‍රියාත්මක වනු අපට දැකගත හැකිය. විශේෂයෙන් පර්යන්තය නියෝජනය කරන රාජ්‍යවල දිවිගෙවන සාමාන්‍ය ජනතාව සඳහා මෙම ගැටලූවේ සාපේක්ෂව තීව‍්‍රත්වය ඉහළය. තොරතුරු තාක්ෂණය තුළ පවතින ප‍්‍රධාන සංරචකයක් වන්නේ මෘදුකාංගයි. මෘදුකාංග කෙතරම් ප‍්‍රබලද කිවහොත් අද දෘඪාංග කර්මාන්තයටත් වඩා ”ජනප‍්‍රිය” මෘදුකාංග කර්මාන්තයයි. අප භාවිතා කරන මෘදුකාංග බොහොමයක් වාණිජ මෘදුකාංග ගණයට අයත් වන අතර ඒවා අධික මිල ගණන් යටතේ මිලට ගත යුතු දෑ වෙයි. පරිගණක දෘඪාංග කොටස්ද අපහසුවෙන් සපයා ගැනෙන පසුබිමක එකී දෘඪාංග වලට වඩා වැඩි මිලක් මෘදුකාංග සඳහා වැයවන පසුබිම තුළ තොරතුරු තාක්ෂණය සමාජ අසමානතා සංරචකයක් ලෙස ක‍්‍රියා කරන්නේ සාමාන්‍ය ජනතාව නව තාක්ෂණයෙන්, නව දැනුමින් හා නව ලෝකයෙන් ද, පරිගණක තාක්ෂණය ඔස්සේ අතිශය පහසුවෙන් හා ක්ෂණිකව සිදුකළ හැකි කාර්ය සඳහා ශ‍්‍රමායික (ප්බම්ක* ආකාර යොදා ගැනීමට සිදුවීමද යන කාරණා මගිනි. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස ඉදිරිපත් වන්නේ නිදහස් හා විවෘත මෘදුකාංගයි (ත්‍රුැ ්බා ධචැබ ීදමරජැ ීදඓඅ්රු – ත්‍ධී* තොරතුරු තාක්ෂණය සමාජීයකරණය උදෙසා නිදහස් හා විවෘත මෘදුකාංග ප‍්‍රබල දායකත්වයක් ලබා දෙමින් සිටී. මෙම පත‍්‍රිකාව තුළ වාණිජ මෘදුකාංගවලට විකල්පයක් වන නිදහස් හා විවෘත මෘදුකාංග පිළිබඳව සමාජ විද්‍යාත්මක ඇසකින් ප‍්‍රධාන කොට සාකච්ඡුා කෙරෙනු ඇත. මේ යටතේ නිදහස් හා විවෘත මෘදුකාංග සංවර්ධන ආකෘති, නිදහස් හා විවෘත මෘදුකාංග ව්‍යාපෘති, ඒ හා සම්බන්ධ ප‍්‍රජාව, ලංකාව වැනි පර්යන්තයේ රාජ්‍යවලට එහි ඇති සුවිශේෂ වැදගත්කම යනාදී කාරණා නිදහස් හා විවෘත මෘදුකාංගවල තාක්ෂණික පාර්ශ්වය කෙරෙහිද යම් බර තැබීමක් සිදුකොට සාකච්ඡුා කර ඇත. මේ අනුව මෙම පත‍්‍රිකාව තුළින් මෙතෙක් ලාංකීය තලය තුල සමාජ විද්‍යාත්මක කෝණයකින් සාකච්ඡුාවට බඳුන් වී නැති කාරණාවට ප‍්‍රවේශයක් ගැනීමට උත්සාහ දරා ඇත. en_US
dc.language.iso other en_US
dc.publisher Belihuloya, Sabaragamuwa University of Sri Lanka en_US
dc.subject විද්‍යාව හා තොරතුරු තාක්ෂණය පිළිබඳ සමාජ විද්‍යාව en_US
dc.subject නිදහස් හා විවෘත මෘදුකාංග en_US
dc.subject තොරතුරු තාක්ෂණය en_US
dc.subject සමාජ අසමානතාව en_US
dc.subject වාණිජ මෘදුකාංග en_US
dc.title තොරතුරු තාක්ෂණය, සමානාත්මතාව හා වාණිජ මෘදුකාංග නිදහස් හා විවෘත මූල මෘදුකාංග පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account