Abstract:
ආගම සර්වවිශ්වීය සංකල්පයක් ලෙස කේන්ද්‍ර ීය වශයෙන් වැදගත් මිනිස් අත්දැකීමක් ය.
සමාජ ව්‍යුහයේ හැඩය තීරණය කරනු පිණිස තීරණාත්මක වූ පැරණිතම සමාජ ආයතනයක්
ලෙස ආගම සැලකෙ යි. ආගම විශ්වාස සහ භාවිතයන් පද්ධතියක් ලෙස මිනිස් සංජානනයන්
තීරණය කරමින් පුද ්ගලයකු තම ජීවන පරිසරයට ප්‍රතිචාර දක්වන ආකාරය තීරණය කරය ි. මෙම
වැදගත් සමාජ ආයතනය පුද ්ගල පොෟරුෂය මත දීර්ඝ කාලීන තීරණාත්මක වූ බලපෑමක් ඇති
කරන ප්රබලතම සමාජානුයෝජන නියෝජිතයකු ලෙස පිළ ිගැනෙ යි. ආගමික දැනුම, වටිනාකම්
සහ ප්‍රතිමාන අභ්‍යන්තරීකරණය ජීවිත කාලය පුරාම සිදුවන ක්‍රියාවලියක් ලෙස නිරීක්ෂණය
වුව ද ආගමික හැසිරීම්වල තීව ්රතාවය ජීවිත අවධීන ් තුළ අඩු හෝ වැඩි වශයෙන් වෙනස් විය
හැකි ය. වෙනත් ඕනෑම ජීවිත අවධියකට වඩා වෘද ්ධ අවධිය ආගමට සමීප බවට තර්කයක්
ගොඩනැගිය හැකිය. පර්යේෂණයන ් පෙන්වා දෙන්නේ වයස වැඩිවීමත් සමඟ ආගම කෙරෙහි
ඇති නැඹුරුව ද වැඩි වන බවයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තරුණයන්ට වඩා ආගම ඔවුන්ගේ
ජීවිතයට වැදගත් යැයි විශ්වාස කරනවා පමණක් නොව, තරුණයින ්ට වඩා ආගම පිළ ිබඳව
අධ්‍යයනය කරය ි :්එජයකැහල 1980*ග දහනව වන ශතවර්ෂයේ මැද භාගයේ මිනසෝටා හ ි
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1700 ක නියැදියක් සමඟ කරන ලද මහා පරිමාණ අධ්‍යයනයකින් හෙළි
වූයේ ඔවුන්ගෙන් සුළුතරයක් පමණක් ආගම ඔවුන්ට අර්ථවත් නොවේය යන අදහස දැරූ
බවයි:ඕඩැි ්බා ්ය්බිැබල 1963*ග
ආගමික හැසිරීම විමසීමට පෙර ආගමේ සංකල්ප ීය සීමාවන් අවබෝධ කර ගැනීම
අත්‍යවශ්‍ය කරුණකි. මෙම ලිපියෙහි පළම ුව අවධානය යොම ු කරන ්නේ පර්යේෂණවලදී
කතුවරයා විසින් අනුගමනය කරන ලද සක්‍රිය අර්ථ දැක්වීම් ය. විශ්ලේෂණයට උපයෝගී වූ
බුද ්ධාගමේ දාර්ශනික හා ප්‍රායෝගික අංශයන් ද මෙහිදී අවධාරණයට ලක්ව ඇත. මෙම
අධ්‍යයනය තුළ ආගමිකත්වයේ පැතිකඩ කිහිපයක්ම අවධානයට ගන්නේ සිංහල ජ්‍යෙෂ්ඨ
පුරවැසියන්ගේ අධ්‍යාත්මික භාවිතාවන ්ට ද සංවේදී වෙමින් ය. පන්සල් පැමිණීම, සාමූහික
චාරිත්‍ර, ගාථාවන ් හෝ යාඥා, ආගමික විශ්වාසය, ආගමික දැනුම සහ අධ්‍යාත්මික ව්‍යායාමය යන
අංශයන් වෘද ්ධ අවධියට අදාළව පරීක්ෂා කරන ලදී. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රම ුඛ ආගමික
පිළ ිවෙත් නියැලීම් සහ ඔවුන්ගේ ආත්මීය අත්දැකීම් මෙහි දී විශ්ලේෂණය විය. 2011 ජාතික
සංගණන සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාව තුළ බෞද්ධ ජනගහනය (70.1%) පමණ වෙයි
:ීඒඑසිඑසජ්ක ඊමකකැඑසබල 2012*. බෞද්ධ බහුතරයක් ජීවත්වන ප්‍රදේශවල පර්යේෂණය සිදු කර ඇති
බැවින ් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් (96%) ක් පමණ බෞද්ධයෝ වූහ. මෙම පර්යේෂණය සඳහා
සිංහල කිතුනුවන් ප්‍රමාණවත් ලෙස නියෝජනය නොවීම අධ්‍යයනයේ සීමාවක් බවට පත්විය