Abstract:
සිත්තරුන්ගේ ඇදීමේ ක්‍රමය වූ සිතුවම් කලාව ප්රාග් ඓතිහාසික යුගයේ සිට අද දක්වාම
නොපිරිහී පවතී. තවමත් මෙරට පැරණි සිත්තර පරම්පරාවලින් පැවතෙන ශිල්පීහු සිටිති. එම
ශිල්ප ීන ් විසින ් නිර්මිත කලාකෘති ජාතියකට පමණක් සීමා නොවී පොදු අගයක් ගන්නා අතරම
විවිධ පරම්පරාවලට ආවේණික ලක්ෂණ ඒවා තුළ දැකගත හැකිය. ප්රාග් ඓතිහාසික යුගයෙන්
ඔබ්බට නිර්මාණය වී ඇති චිත්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින ් යුක්ත වේ. එනම් ආරාමික
චිත්‍ර හා ලෞකික චිත්‍ර වශයෙනි. මෙසේ නිර්මිත චිත්‍ර පිළ ිබඳ පසුකාලීන විද ්වතුන ් විවිධ
සොයාගැනීම් සහ පර්යේෂණ රාශියක් සිදුකර තිබේ. එම පර්යේෂණ මෑතකාලීන
පර්යේෂණවලට ලබා ද ී ඇත්තේ ඉමහත් රුකුලකි. 19 වන සියවස අගභාගය සහ 20 වන
සියවසේ නිර්මිත පර්යේෂණ මේ සඳහා පාදකකර ගනු ලැබීය. මෙම පර්යේෂණයේ ප්‍රධාන
අරම ුණු වන්නේ ශ්‍රී ලංකාවේ පැරණි චිත්‍ර කලාව පිළිබඳ උනන්දුවක ් දැක් වූ විද ්වතුන් විසින්
සිදුකළ පර්යේෂණ මොනවාද යන්න සොයාබැලීමත් එම පර්යේෂණ තුළ ින් මෙරට චිත්‍ර කලාව
සම්බන ්ධයෙන් ඉදිරිපත් කර ඇති විවිධ අර්ථකථන පිළ ිබඳවත් සංසන්දනාත්මක අධ්‍යයනයක්
සිදුකිරීමයි. එ ් සඳහා මෙරට චිත්‍ර කලාව පිළ ිබඳ පර්යේෂණ කිරීමට හා එම පර්යේෂණ ප්‍රකාශයට
පත්ක ිරීමට ම ූලාරම්භයක් ලබාදුන ් ශ්‍රී ලංකාවේ රාජකීය ආසියාතික සමිතියේ සඟරාව ප්‍රධාන
ම ූලාශ්‍රය ලෙස ගනිමින් ඊට පසුකාලීනව රචනා වූ ශාස්ත්‍රීය සඟරා කිහිපයක් ද මෙම
පර්යේෂණය සඳහා පාදක කරගනු ලැබීය.