Sabaragamuwa University of Sri Lanka

වෙස්මුහුණු කර්මාන්තය ආශ්‍රිතව හඳුනාගත හැකි ව්‍යුහාත්මක වෙනස්වීම් සම්බන්ධ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්: අම්බලන්ගොඩ ආරියපාල විජේසූරිය වෙස්මුහුණු කලාව ඇසුරෙන්

Show simple item record

dc.contributor.author දිශාන් මධුශංක, ්‍රී එම්
dc.date.accessioned 2021-03-18T11:57:25Z
dc.date.available 2021-03-18T11:57:25Z
dc.date.issued 2020
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/123456789/1700
dc.description.abstract ලාංකේය වෙස්ම ුහුණු කලාව සාම්ප්‍රදායික කලා ප්‍රකාශන අතර සුවිශේෂී මෙන්ම ඓතිහාසික වැදගත්කමක් ගැබ් වූ කලා මාධ්‍යයක් ලෙස හඳුනාගත හැකි අතර එය දකුණු ඉන්දීය කෝලම් සම්ප්‍රදායේ ආභාසය සහිතව වර්ධනය වූ දේශීය කලා මාධ්‍යයක් බවට පත්ව තිබේ. එමෙන්ම වෙස්ම ුහුණු කලාව ඓතිහාසිකව කරාව කුල අනන්‍යතාවයේ සංස්කෘතික ප්‍රකාශනයක් ලෙස ද මතුව තිබේ. වෙස්ම ුහුණු කලාව සම්බන ්ධ පර්යේෂණ සාහිත්‍යය තුළ මෙම අධ්‍යයනය සුවිශේෂ වන ්නේ මෙම අධ්‍යයනය මගින් වර්තමානයේ වෙස්ම ුහුණු කර්මාන්තය තුළ හඳුනාගත හැකි ව්‍යුහාත්මක වෙනස්කම් සමාජ විද්‍යාත්මක දෘෂ්ටියකින ් වීමංසනය කර තිබීමයි.මෙම අධ්‍යයනය ප්‍රධාන වශයෙන් සිද ්ධි අධ්‍යයන ක්‍රමය යටතේ සිදුකරන ලද අතර වෙස්ම ුහුණු කලාවේ වර්තමාන පුරෝගාමි පරපුර ලෙස සැලකෙන ජුවාන්වඩු ආරියපාල සම්ප්‍රදායේ වර්තමාන හිමිකාරිත්වය ම ූලික අධ්‍යයන ප්‍රස්තූතය වශයෙන් යොදාගන්නා ලදි.එමෙන්ම සසම්භාවි නොවන නියැදි ක්‍රමයක් වන හිමබෝල නියැදි ක්‍රමය යටතේ වෙස්ම ුහුණු කර්මාන්තය ආශ්‍රිත ප්‍රතිචාරකයන් අට දෙනෙකු අධ්‍යයනය පිණිස යොදාගනු ලැබූ අතර ප්‍රාථමික දත්ත රැස්ක ිරීම සඳහා ගැඹුරු සම්මුඛ සාකච්ඡා ක්‍රමය යොදාගන්නා ලදි. එමෙන්ම දත්ත විශ්ලේෂණයේදී ගුණාත්මක දත්ත විශ්ලේෂණ ක්‍රමයක් වන තේමා අන්තර්ගත විශ්ලේෂණ ක්‍රමය යොදාගන්නා ලදි.වෙස්මුහුණු කලාවේ වර්තමාන හිමිකාරිත්වය විසින ් වෙස්ම ුහුණු නිෂ්පාදනය කිරීමට වඩා, එ ් සඳහා අවශ්‍ය අනුග ්‍රාහකත්වය සැපයීම සිදුකරන අතර වෙස්ම ුහුණු නිපදවීම හැරුණුකොට අවශේෂ ආර්ථික ක්‍රියාවලි ඔස්සේ ආරියපාල පරම්පරාවේ ඇතැම් සමකාලීන පුද ්ගලයන් මතුව ඇති ආකාරය හඳුනාගත හැකි වේ. එමෙන්ම වෙස්ම ුහුණු නිෂ්පාදන ක්‍රියාවලිය තුළ දිවෙන පරාම්පරානුගත හිමිකාරත්වයේ පුරුෂ කේන ්ද්‍ර ීය ස්වභාවය හඳුනාගත හැකි අතර වෙස්ම ුහුණු කලාව වෙළෙඳපොළකරණය වීමත් සමග වන ශ්‍රම අවශ්‍යතා සඳහා කාන්තා ශ්‍රමය ද දායක කරගැනීම හඳුනාගත හැකි වේ. වෙස්ම ුහුණු කලාව හා බැදුණු කරාව කුල අනන්‍යතාව ද යම් ආකාර විපරිවර්තනයකට ලක්ව ඇති අතර පහතරට ගොවිගම, බෙරවා ආදි කුල නියෝජනවල ආගමනය හඳුනාගත හැකිවේ.නවලිබරල් වෙළෙඳපොළ ක්‍රියාවලියේ බලපෑමත් සමග වෙස්ම ුහුණු කලාව සිය යාතුකර්මීය සන්දර්භයෙන් ක්‍රමිකව ඉවත්ව පාරිභෝගික මෙවලමක් බවට පත්ව ඇති අතර වෙස්ම ුහුණු කලාව හා බැදුණු සංචාරක කර්මාන්තයේ වර්ධනය ඊට මනාව සාක්ෂ්‍ය සපයනු ලැබේ.එමෙන්ම රාජ්‍ය අනුග ්‍රහයේ වන ඌනත්වය, වෙස්ම ුහුණු කලාව ප්‍රාදේශීයකරණය වීම සහ ස්ථායි ශ්‍රම සම්පතක් නොවීම ආදි අභියෝග ගණනාවකට වෙස්ම ුහුණු කලාව මේ වනවිට ම ුහුණ දෙමින් සිටින අතර සියවස් ත්‍රිත්ත්වයකට අධික ඉතිහාසය තුළ වෙස්ම ුහුණු කලාව ආර්ථිකමය වශයෙන් කර්මාන්තයක් ලෙස විවිධ වෙනස්කම්වලට ලක්ව ුවද එය ප්‍රාදේශීයකරණය වූ සංස්කෘතික කර්මාන්තයක් ලෙස ද අර්ථකථනය කළ හැකිවේ. en_US
dc.language.iso other en_US
dc.publisher Sabaragamuwa University of Sri Lanka en_US
dc.subject වෙස්මුහුණු en_US
dc.subject ජුවාන්වඩු ආරියපාල en_US
dc.subject කුල අනන්‍යතා en_US
dc.subject වාණිජකරණය en_US
dc.subject සංස්කෘතික ප්‍රාග්ධනය en_US
dc.title වෙස්මුහුණු කර්මාන්තය ආශ්‍රිතව හඳුනාගත හැකි ව්‍යුහාත්මක වෙනස්වීම් සම්බන්ධ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්: අම්බලන්ගොඩ ආරියපාල විජේසූරිය වෙස්මුහුණු කලාව ඇසුරෙන් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account