Sabaragamuwa University of Sri Lanka

ශ්‍රී ලාංකේය කාන්තාව සමාජය තුළ සවිබල ගැන්වී‍මෙහිලා අධ්‍යාපනයේ දායකත්වය පිළිබඳ ස්ත්‍රීවාදී ඉතිහාස දෘෂ්ටියෙන් කෙරෙන විමසුමක්

Show simple item record

dc.contributor.author චන්ද්‍රිකා, ඒ. එම්. එම්.
dc.date.accessioned 2023-04-20T04:43:30Z
dc.date.available 2023-04-20T04:43:30Z
dc.date.issued 2022-06
dc.identifier.issn 2478-0642
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/3545
dc.description.abstract පිතෘමූලික සමාජ සංදර්භය තුළ ප්‍රායෝගික වන දකුණූ ආසියානු සමාජයන්හි කාන්තාවන් සවිබල ගැන්වීමෙහිලා අධ්‍යාපනයෙහි බලපෑම සුවිශේෂිත වශයෙන් ඉස්මතුවේ.කාන්තාවගේ සමාජ හැසිරීම,සමාජ වටිනාකම සමාජ වැදගත්කම, සමාජ ඇගයීම,පවුලේ තත්වය පමණක් නොව ඇයගේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ තීරණාත්මක සාධකය වනුයේ අධ්‍යාපනයයි.ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රගමනය තුළ අතීතයේ සිට වර්කමානය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වු වෙනස්කම් අතර ප්‍රතිපත්තිමය වෙනස්කම්, හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙන්ම නිදහස් අධ්‍යාපන ක්‍රමවේදය කාන්තා අධ්‍යාපනය පුළුල්වීම කෙරෙහි බලපෑ බව ප්‍රත්‍යක්ෂ කාරණයකි.මෙම පසුබිම තුළ ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්‍රමය මෙරට කාන්තාවන්ගේ සමාජ සවිබල ගැන්වීමෙහිලා කෙතෙක් දායක වී තිබේද යන්න පිළිබඳ විමසා බැලීම මෙම පර්යේෂණ පත්‍රිකාවේහි අරමූණ වේ.නිදහසින් පසූ කාලපරිච්ජේදය කෙරෙහි විශේෂ අවධානය යොමූ කරමින් හා ස්ත්‍රීවාදී න්‍යායයික ප්‍රවේෂයෙන් ශ්‍රී ලාංකේය කාන්තාව සමාජමය වශයෙන් සවිබල ගැන්වීමෙහිලා අධ්‍යාපනයේ දායකත්වය හා වැදගත්කම පිළිබඳ පූළුල්ව විමංසනය කිරීම කෙරෙහි මෙහිදී වඩාත් අවධානය යොමූ කෙරේ.ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රගමනය තුළ කාන්තාවන් සමාජමය වශයෙන් සවිබල ගැන්වීමෙහිලා අධ්‍යාපනයේ දායකත්වය විවිධ ආකාරයෙන් ඉස්මතු වේ.කුටූම්භ රක්ෂණයෙන් මෙන්ම ගෘහස්ථකරණයෙන් ඔබ්බට යමින් කාන්තාව සමාජානුයෝජන ක්‍රියාවලියට සක්‍රීයව දායක කර ගැනීම උදෙසා අධ්‍යාපනය හරහා ලබාදෙන සියලූ ක්ෂේත්‍ර පිළිබඳ දැනූවත්භාවය කාන්තාවට සමාජයේ ඉදිරි පියවරක් සනිටුහන් කිරීමට මනා පිටුවහලක් වූ බව පැහැඳිළිය.එසේ වුවද සමාජ යන්ත්‍රණය,සංස්කෘතික හා ආගමික ගතිකත්වය මෙන්ම පිතෘමූලික ආකල්ප මත සමාජ වෙනස්වීම,ඇතැම් සමාජ කණ්ඩායම් තුළ ප්‍රගමනයක් සනිටුහන් කළ ද ඇතැම් ආගමික හා සංස්කෘතික කණ්ඩායම් සම්ප්‍රඳාය අතික්‍රමණය කිරීමට දක්වන මැලිකම නිසාම නූතනය වන විටත් කාන්තාවන් සමාජමය වශයෙන් ඉදිරියට ඒම මන්දගාමී ස්වරෑපයක් පෙන්වන බව දැකිය හැකිය.එබැවින් ප්‍රතිපත්ති සම්පාදනය සහ ඉහළ මට්ටමේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය දක්වා සමාන සහභාගීත්වයක් කාන්තා ප්‍රජාව තුළින්ද නියෝජනය කිරීමේ අවශ්‍යතාව පූරණය කිරීමට අධ්‍යාපනය හරහා කාන්තාවට අවකාශ ලබාගැනීමට ඇති හැකියාව ඉස්මතු කිරීම ඉතා වැදගත් වේ. en_US
dc.language.iso other en_US
dc.publisher ශ්‍රී ලංකා සබරගමූව විශ්වවිද්‍යාලය en_US
dc.subject ස්ත්‍රීවාදය en_US
dc.subject ශ්‍රී ලාංකේය කාන්තාව en_US
dc.subject කාන්තා අධ්‍යාපනය en_US
dc.subject සමාජ සවිබල ගැන්වීම en_US
dc.subject කාන්තා ඉතිහාසය en_US
dc.title ශ්‍රී ලාංකේය කාන්තාව සමාජය තුළ සවිබල ගැන්වී‍මෙහිලා අධ්‍යාපනයේ දායකත්වය පිළිබඳ ස්ත්‍රීවාදී ඉතිහාස දෘෂ්ටියෙන් කෙරෙන විමසුමක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account