Sabaragamuwa University of Sri Lanka

ස්වයං රැකියා නියූක්තිකයන්ගේ සමාජ ආරක්ෂණය විශ්‍රාම වැටූප් ඔස්සේ තහවූරු කිරීම: වඩාත් ඵලදායි විශ්‍රාම වැටූප් ක්‍රියාවලියක් උදෙසා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ විශ්‍රාම වැටූප් සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය ඇගයීමට ලක් කීරීම

Show simple item record

dc.contributor.author වීරසිංහ, කේ. පී. ඩී. සී.
dc.contributor.author හඳරාගම, සමන්
dc.contributor.author වික්‍රමසිංහ, වෙරංගා
dc.date.accessioned 2023-04-21T05:56:56Z
dc.date.available 2023-04-21T05:56:56Z
dc.date.issued 2022-06
dc.identifier.issn 2478-0642
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/3547
dc.description.abstract වයස් ගත ජනගහනය ඉහළ යාම ගෝලීය අවධානමක් වන අතර මෙම හේතුව නිසා ලෝකයේ සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් සමාජ ආරක්ෂණ ක්‍රමෝපායන් හඳුන්වා දෙමින් පවතී.සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව ද සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරනූ ලබන අතර සමාජ ආරක්ෂණ ක්‍රමෝපායක් ලෙස විශ්‍රාම වැටූප් යෝජනා ක්‍රම හඳුන්වා දෙමින් පවතී.ඒ අනූව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් මෙලෙස රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටූප් ලාභීන් නොවන සියලූ දෙනා වෙත විශ්‍රාම වැටූප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සැලසීම සිදු කරනූ ලබයි.ඒ අනුව මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමූණ වන්නේ වඩාත් ඵලදායි විශ්‍රාම වැටූප් ක්‍රියාවලියක් උදෙසා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දායකත්ව විශ්‍රාම වැටූප් ක්‍රමය සඳහා දායකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය ඇගයීමට ලක් කිරීම සහ එහි සාර්ථක අසාර්ථක බව විමසා බැලීමයි.අධයයනය සඳහා පොකුරු නියැදි ක්‍රමය භාවිතයට ගත් අතර සරල නිරීක්ෂණ,ප්‍රශ්නාවලි,ප්‍රධාන දත්තදායකයන් සමඟ සිදු කරන ලද සම්මූඛ සාකච්ඡා හා ගැඹූරු සම්මූඛ සාකච්ඡා මත පදනම් වෙමින් කුරූණෑගල,මහනූවර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක තුනෙහි පිළිවෙලින් කොරදොළුව,කළුවාන උතුර හා ගණන්ගොල්ල යන ග්‍රාම නිලධාරි වසම් පදනම් කර ගනිමින් ප්‍රමාණාත්මක දත්ත හා ගුණාත්මක දත්ත අධ්‍යයනය කරණ ලදි.ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත SPSS සහ අන්තර් විශ්ලේෂණ ශිල්පීය ක්‍රමය හරහා විශ්ලේෂණය කරන ලදී. ඒ අනූව පර්යේෂණයෙන් ලබා ගත් සොයාගැනීම්වලට අනූව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ විශ්‍රාම වැටූප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම පිළිබඳ දැනූවත් වීම අවම වීම,විශ්‍රාම වැටූප් ලබා ගැනීමට ඇති අවිනිශ්චිතතාවය,ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නිලධාරීන්ගේ ඵලදායි නොවන පාරිභෝගික සේවය,නිලධාරීන් අභිප්‍රේරණය කරන ක්‍රම අවම වීම හා ප්‍රදේශයේ රාජකාරී සිදූ කරනූ ලබන රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ මහජන ආකල්ප මෙලෙස සාමාජිකත්වය අවම මට්ටමක පැවතීමට විශාල වශයෙන් බලපා තිබේ.එමෙන්ම දායකත්ව විශ්‍රාම වැටූප් පිළිබඳ දැනූවත්භාවය අවම වීම, සාමාජිකයන් බඳවා ගැනීමට ගැළපෙන නිසි ක්‍රමවේදයක් නොමැති වීම,ශක්තිමත් සම්බන්ධීකරණ ජාලයක් නොමැතිවීම,ප්‍රචාරණ ක්‍රම ප්‍රමාණවත් නොවීම හා ප්‍රචාරණ ක්‍රම හරහා ආයතනය පිළිබඳ නිවැරදි තොරතුරු ජනගත නොවීම මෙලෙස තවදූරටත් සාමාජීකත්වය අවම මට්ටමක පැවතීමෙහිලා බලපා තිබේ.නව ප්‍රචාරණ ක්‍රම හඳුන්වාදීමෙන් හා දැනූවත් කිරීමේ ක්‍රම පූළුල් කිරීම,කිලීනව ගැළපෙන විශ්‍රාම සැලසූම් ක්‍රම හඳුන්වා දීම,රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණ ජාලයක් ඇති කිරීම හා වර්ධනය කිරීම මඟින් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ විශ්‍රාම වැටූප් ක්‍රම සඳහා සාමාජීකත්වය වර්ධනය කර ගත හැක. en_US
dc.language.iso other en_US
dc.publisher ශ්‍රී ලංකා සබරගමූව විශ්වවිද්‍යාලය en_US
dc.subject සමාජ ආරක්ෂණය en_US
dc.subject විශ්‍රාම වැටූප් en_US
dc.subject ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය en_US
dc.subject බඳවා ගැනීම් en_US
dc.title ස්වයං රැකියා නියූක්තිකයන්ගේ සමාජ ආරක්ෂණය විශ්‍රාම වැටූප් ඔස්සේ තහවූරු කිරීම: වඩාත් ඵලදායි විශ්‍රාම වැටූප් ක්‍රියාවලියක් උදෙසා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ විශ්‍රාම වැටූප් සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය ඇගයීමට ලක් කීරීම en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account