Sabaragamuwa University of Sri Lanka

“ඵෙතිහාසික න්‍යාය“සිංහල ජනශ්‍රැති අධ්‍යයනය සඳහා උපයෝගි කොට ගත හැකි ආකාර පිළිබඳ නිදර්ශනාත්මක මඟ පෙන්වීමක්

Show simple item record

dc.contributor.author ප්‍රේමසිරි, සූනන්දා
dc.date.accessioned 2023-04-24T05:50:03Z
dc.date.available 2023-04-24T05:50:03Z
dc.date.issued 2022-06
dc.identifier.issn 2478-0642
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/3549
dc.description.abstract ජනශ්‍රැති යනූ ජීවමාන වූද ගතික වූද ප්‍රජාව සමූහයකි යන අදහස ඉදිරියට ගෙන එමින් ප්‍රකට ජනශ්‍රැතිවේදී රොජර් ඩී ඒබ්‍රහම් පැහැදිළි කළ - ජනශ්‍රැතිය යනූ ජීවමානව පවතින,ඇතැම් විට අභාවයට යන,තවත් විටෙක නවීකරණය වෙමින් පවතින ගතික ප්‍රපංචයකි යන අදහසට අනූව යමින් අප මෙරට ජනශ්‍රැති අධ්‍යයන ක්‍රමවේද සහ විධික්‍රම යාවත්කාලීන කළ යූතුව ඇත. එම අදහසට අනූව,පවතින මූලාශ්‍රය ජනශ්‍රැති විද්‍යා න්‍යාය විද්‍යා න්‍යාය සහ ක්‍රමවේද භාවිතයෙන් පූළුල්ව ඉගැන්වීමේදී විධිමත් හෝ ක්‍රමවේදාත්මක උපාය මාර්ග ස්ථිරසාර ලෙසත් ප්‍රමාණවත් ලෙසත් භාවිතයට ගැනීම විෂයෙහි අවධානය යොමූ කළ යූතුව ඇත.ඉතා දිගු සහ පොහොසත් ඓතිහාසික උරුමයක් සහිත සම්භාව්‍ය සිංහල සාහිත්‍යයත්,සිංහල ජනශ්‍රැතියත් මූලාශ්‍රය පිරුණු අධ්‍යයන ක්ෂේත්‍ර වශයෙන් හඳුන්වා දිය හැකිය.සාහිත්‍ය විශාරදයන් සහ ජනශ්‍රැතිවේදීන්,සාහිත්‍ය සහ සාහිත්‍ය න්‍යායත්, ජනශ්‍රැති සහ ජනශ්‍රැති විද්‍යාවත් සිංහල සාහිත්‍ය සහ ජනශ්‍රැති අධ්‍යයනයේදී භාවිතයට ගැනීමේ ඇති වැදගත්කම මෙම ලිපියෙන් ප්‍රමූඛව සාකච්ඡා කෙරේ.පැරණි ජනශ්‍රැති පදනම්ව වර්තමානය හැඩගස්වා ගැනිම පමණක් නූතන ජනශ්‍රැතිවේදියාගේ කාර්යභාරය නොවේ.ඔහූ පුරාවිද්‍යාඥයෙකු හෝ ඉතිහාසඥයෙකු මෙන් නොව මානව විද්‍යාඥයෙකු හෝ සමාජ විද්‍යාඥයෙකු මෙන් පර්යේෂණකාමී වෙමින් ප්‍රායෝගික ජනශ්‍රැති පර්යේෂණයෙහි නියැලීම වැදගත්ය.මේ වන විට යූරෝපීය,බටහිර සහ විශේෂයෙන් භූගෝලීයව පමණක් නොව සංස්කෘතිකව පවා අපට වඩා සමීප දකුණූ ආසියානූ කලාපවල උසස් ජනශ්‍රැති පර්යේෂණවල නිරත ආධුනික මට්ටමේ පර්යේෂකයන් විසින් ව්‍යුහාත්මක,මනෝවිග්‍රහත්මක,සමාජවාග්විද්‍යාත්මක,මානව විද්‍යාත්මක,සමාජ විද්‍යාත්මක හෝ කාර්යමය වැනි මූලාශ්‍රය විමර්ශනාත්මක ක්‍රමවේද සිය පර්යේෂණ ක්‍රමවේද වශයෙන් සුලභව සහ පුළුල්ව උපයෝගි කොට ගැනේ.රටක ජාතික සහ ජාත්‍යාන්තර වශයෙන් පිළිගත් ආදර්ශ මෙන්ම විවිධ සංස්කෘතින් හුවමාරුවෙන් පෝෂිත ජනශ්‍රැති,අධ්‍යයන සඳහා මූලාශ්‍රය කර ගැනිමෙන් උසස් පර්යේෂණ සිදු කිරීමේ පුළුල් අවකාශ සැලසේ.ඇමරිකාව ප්‍රමූඛ ජනශ්‍රැති අධ්‍යයන ක්ෂේත්‍ර ඉතා දියූණු තලයක පසුවෙන අනෙකුත් බෝහෝ සමාජ මූල් යුග වලදී ලොව අනෙකුත් මහාද්වීපික කලාපවල,බෝහෝ විට සිය යටත් විජිත වශයෙන් පැවති සමාජවල ජනශ්‍රැතික මූලාශ්‍රය සහ දේශීය මූලාශ්‍රය අතර ඇති විශේෂතා මෙන්ම ඒ එකිනෙක තුලනාත්මකව නිරීක්ෂණයට පෙළඹූණු අයුරු ද නිරීක්ෂණය කිරී‍මේ වැදගත්කම මෙහිදී සාකච්ඡාවට බඳුන් වේ.සිංහල සාහිත්‍ය අධ්‍යයනය,ඓතිහාසික සහ ජනශ්‍රැතික මූලාශ්‍රය භාවිතයෙන් අන්තර්විෂයයීක සහ තුලනාත්මක දෘෂ්ටියකින් හැදැරීමේ වැදගත්කම පෙන්වා දීම මෙම ලිපියෙහි මූලික අරමුණයි.එසේ සිංහල ජනශ්‍රැති සංකලනීයව සහ තුලනාත්මකව හැදෑරිමේ සංස්කෘතික,මානව විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක අන්තර්දෘෂ්ටි සැපයීම වැදගත් වන්නේද ?එසේ වැදගත් වන්නේ නම් ඒ සඳහා හඳුන්වා දිය හැකි අන්තර්විෂයික නව අධ්‍යයන ප්‍රවේශ විය හැක්කේ මොනවාද?තුලනාත්මක විමර්ශනවලදී උපයෝගි කොට ගත හැකි. න්‍යායාත්මක වපසරි මොනවාද?වැනි ප්‍රශ්න රැසකට ප්‍රමාණවත්ව සහ විධිමත්ව පිළිතුරු ලබා දීම මෙම පර්යේෂණාත්මක විමර්ශනයෙන් සිදු කිරීමට අපේක්ෂිතය.නව දැක්මකින් ජනශ්‍රැති පර්යේෂකයන්ගේ පර්යේෂණ සඳහා පුළුල් තේමාත්මක වපසරියක් නිර්මාණය කර ගැනීම පිණිස ලාංකේය ඉතිහාසයෙහි ඉතා වැදගත් සිදුවීම් සමඟ සම්බන්ධ නව තීරණාත්මක සන්ධිස්ථාන නිදර්ශනාත්මකව භාවිතයෙන්,ජනශ්‍රැති අධ්‍යයනයෙහි ඓතිහාසික න්‍යාය තව දුරටත් පූළුල්ව භාවිතයට යොමු කිරීම මෙම පර්යේෂණාත්මක ලිපියෙහි මූඛ්‍ය අරමූණය. en_US
dc.language.iso other en_US
dc.publisher ශ්‍රී ලංකා සබරගමූව විශ්වවිද්‍යාලය en_US
dc.subject ඓතිහාසික න්‍යාය en_US
dc.subject ව්‍යූහාත්මක න්‍යාය en_US
dc.subject අන්තර්විෂයයික සහ තුළනාත්මක විග්‍රහය en_US
dc.subject කාර්යමය විග්‍රහය en_US
dc.subject සංස්කෘතික අන්තර්දෘෂ්ටි සැපයීම en_US
dc.title “ඵෙතිහාසික න්‍යාය“සිංහල ජනශ්‍රැති අධ්‍යයනය සඳහා උපයෝගි කොට ගත හැකි ආකාර පිළිබඳ නිදර්ශනාත්මක මඟ පෙන්වීමක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account