Sabaragamuwa University of Sri Lanka

මහනුවර නාගරික කලාපයේ දෘෂ්‍ය සංඥාවලින් නිරූපිත භාෂා භූ දර්ශනය

Show simple item record

dc.contributor.author ජයසුන්දර, ජේ.ඒම්.කලණ හසන්ත
dc.contributor.author ආරියරත්න, මනෝජ්
dc.contributor.author අරංගල, රත්නසිරි
dc.date.accessioned 2023-10-23T09:16:28Z
dc.date.available 2023-10-23T09:16:28Z
dc.date.issued 2023-09-22
dc.identifier.issn 2478-0642
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/3957
dc.description.abstract නූතන ව්‍යවහාරික වාග් විද්‍යා විෂය ක්ෂේත්‍රයට භාෂාවේ භාෂණ ව්‍යවහාර පමණක් නොව ලිඛිත (දෘෂ්‍ය) ස්වරූපයද අධ්‍යනයද ඇතුළත් වෙයි. ඒ් අනුව තෝරා ගන්නා ලද භූමියක හෝ කලාපයක හෝ පොදු හා වාණිජ සංඥා මත පදනම්ව භාෂාවල දෘෂ්‍යතා හා ලක්ෂණ අධ්‍යයනය ‘භාෂා භූ දර්ශනය’ ලෙස හදුන්වනු ලැබේ. මහනුවර නාගරික කලාපයේ දෘෂය සංඥා පාදක කොට ගනිමින් භාෂා භූ දර්ශනය අධ්‍යයනය කිරිම මේ පර්යේෂණයේ අභිමාතාර්ථය යි. එකී නාගරික අවකාශයේ දෘශ්‍ය සංඥා සඳහා භාවිත කෙරෙන භාෂාව ජන වාර්ගික පදනමින් භාවිත කෙරේ ද ඒසේ නම් එය කෙබඳු පදනමකින්. දෘෂ්ටියකින් භාවිත කෙරේද එමගින් නිරූපිත බහු සංස්කෘතික භාෂා සම්බන්ධතාව කුමන ආකාරයක් ගනිද යන්න මේ පර්යේෂණයේ ප්‍රධාන ගැටලුව වේ. මේ අධ්‍යයනයේ දී මිශ්‍ර පර්යේෂණ ක්‍රමවේදය (Mixed Method) යොදා ගැනුණු අතර, දෘෂ්‍ය පර්යේෂණ ක්‍රම (Visual Method ) භාවිතය මඟින් දත්ත රැස් කිරිම සඳහා අදාළ නාගරික කලාපවලට ගොස් ප්‍රධාන වීදි කිහිපයක් නියෝජනය වන පරිදි නාම පුවරු, වෙළෙඳ දැන්විම් පුවරු, රජයේ ගොඩනැඟිලිවල නාම පුවරුවල ඡායාරූප ලබා ගන්නා ලදි. මහනුවර නගරයේ ප්‍රධාන වීදිවල ඇති දෘශ්‍ය සංඥ 411ක ඡායාරූප ලබා ගැනිණී. පසුව ඒ ඡායාරූප ඒ්කභාෂක, ද්විභාෂක, ත්‍රෛභාෂක ලෙස වර්ග කෙරුණු අතර, මහනුවර දිස්ත්‍රික්කයේ ජන හා සංඛ්‍යාලේඛන දත්ත පදනම් කර ගනීමින් SPSS පරිගණක මෘදුකාංගය භාවිතයෙන් දත්ත විශ්ලේෂණය කෙරිණි. එහිදි ලබා ගත් ඡායාරූප 411න් දෘෂ්‍ය සංඥා 66%ක් ඉංග්‍රිසි භාෂාව පමණක් යෙදු දෘෂ්‍ය සංඥාය. දෙවන ප්‍රමුඛතාව හිමි ව ඇත්තේ සිංහල හා ඉංග්‍රිසි භාෂාව පමණක් යෙදු දෘශ්‍ය සංඥාවලට වන අතර එය 16% කි. මේ ප්‍රදේශයේ බහුතර ජනගහනය සිංහල හා දෙමළ භාෂාකයන් වුවද ඒම භාභා ද්විමය පමණක් යෙදුණු දෘශ්‍ය සංඥාද දක්නට නොලැබුණි. දෙමළ භාෂාව පමණක් ඇති සංඥා දක්නට නොලැබීම ද විශේෂත්වයකි. බහුතර ජනතාවක් කතා කරන සිංහල භාෂාව සහිත දෘශ්‍ය සංඥා ඇත්තේ 4 % තරම් ඉතා අඩු ප්‍රතිශතයකි. සිංහල - ඉංග්‍රිසි - දෙමළ යන භාෂාත්‍රයයම යෙදුණූ දෘශ්‍ය සංඥා 14% කි. ඒ අනුව මහනුවර නාගරික කලාපයේ නිරූපණය වන භාෂා භූ දර්ශනයෙන් ඉංග්‍රිසි භාෂාව ප්‍රමුඛ වී ඇති බව නිගමනය කළ හැකිය. එමෙන්ම මහනුවර සංචාරක කලාපයක් වන බැවින් ඉංග්‍රිසි භාෂාව ප්‍රමුඛ කොට ගෙන දෘශ්‍ය සංඥා යොදන්නට ඇති බවත් දේශිය ජනයා ඉංග්‍රිසි භාෂාව සමාජ තත්ත්වය නිරූපණය කරවු ඇතැයි දරන දෘෂ්ටිවාදාත්මක ආකල්පය හේතුවෙන් ඉංග්‍රිසි භාෂාව නිල රාජ්‍ය භාෂාවේ ස්වභාවයට පත් වෙමින් පවතින බව නිගමනය කළ හැකිය. en_US
dc.language.iso other en_US
dc.publisher Center for Indigenous Knowledge and Community Studies (CIKCS) Sabaragamuwa University of Sri Lanka en_US
dc.subject භාෂා භූ දර්ශනය en_US
dc.subject දෘශ්‍ය සංඥා en_US
dc.subject බහුභාෂකත්වය en_US
dc.subject බහුසංස්කෘතිකතාව en_US
dc.subject රාජ්‍ය භාෂාව en_US
dc.title මහනුවර නාගරික කලාපයේ දෘෂ්‍ය සංඥාවලින් නිරූපිත භාෂා භූ දර්ශනය en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account