Sabaragamuwa University of Sri Lanka

ශ්‍රී ලංකාවේ ඉ - රාජ්‍ය ප්‍රතිපත්තියෙහි සාර්ථකත්වයට ආයතනික ධාරිතාවයේ බලපෑම

Show simple item record

dc.contributor.author විරාජිනි, ඩබ්ලිව්. එච්. එස්. එල්.
dc.contributor.author පතිරණ, ජි.සී.එල්.
dc.date.accessioned 2023-10-23T09:35:10Z
dc.date.available 2023-10-23T09:35:10Z
dc.date.issued 2023-09-22
dc.identifier.issn 2478-0642
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/3958
dc.description.abstract තොරතුරු තාක්ෂණය දැනටමත් බොහෝ කර්මාන්තවල විප්ලවීය වෙනසක් සිදුකර ඇත. පසුගිය දශක දෙක තුළ එය බොහෝ අංශවල සංවර්ධනයේ කොඳු නාරටිය බවටද පත්වු අතර, ඉ- රාජ්‍ය යනු එහි එක් අංශයකි. රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මක බව ඉහළ නැංවීම සදහා ඉ - රාජ්‍ය සංකල්පය යොදා ගනු ලබයි. ශ්‍රී ලංකාවේ ඉ- රාජ්‍ය ප්‍රතිපත්තියේ සාර්ථකත්වයේ සඳහා ආයතනික ධාරිතාවයේ බලපෑම කෙසේද යන්න අධ්‍යයනය කිරිම මුඛ්‍ය අරමුණ කර ගනිමින් පරීක්ෂණය සිදු කරන ලදි. මෙම අධ්‍යයනය ප්‍රාථමික දත්ත හා ද්විතියික දත්ත මත පදනම්ව සිදු කර තිබේ. ප්‍රශ්නාවලි සහ සම්මුඛ සාකච්ඡා මඟින් ප්‍රාථමික රැස් කර ගන්නා ලදි. නියැදි ප්‍රමාණය සියයක් වන අතර එය, දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හා ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සේවක තිස් දෙනකු හා මහජනතාව හැත්තෑ දෙනෙකුගෙන් සමන්විත විය. එසේම පොත්, සඟරා, ලිපි ලේඛන, අන්තර්ජාලය හරහා ද්වීතියික දත්ත ලබා ගන්නා ලදි. දත්ත විශ්ලේෂණයේදී තේමාත්මක විශ්ලේෂණ ක්‍රමය, සන්දර්භීය විශ්ලේෂණ ක්‍රමය හා ආඛ්‍යාන විශ්ලේෂණ ක්‍රමය භාවිතා කරන ලද අතර දත්ත ඉදිරිපත් කිරිම ප්‍රස්තාර, වගු, රූප සටහන් මත පදනම්ව සිදු කරන ලදී. මෙම අධ්‍යයනය තුළ දී ඉ-රාජ්‍ය ප්‍රතිපත්තීන්හි සාර්ථකවය සඳහා ආයතනික ධාරිතාවය බලපාන බව සොයා ගන්නා ලදී. විශේෂයෙන් පුහුණු මානව සම්පත, ප්‍රමාණවත් යටිතල පහසුකම්, අන්තර්සබඳතාවය, කාර්ය සාධනය යන සාධක ඉ-රාජ්‍ය ප්‍රතිපත්තීන්හි සාර්ථකත්වයට බලපෑම් කරනු ලබයි. මෙම සොයාගැනීම් මත පදනම්ව අධ්‍යයනය ඇසුරෙන් නිගමනය කරනු ලැබුයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආයතනික යාන්ත්‍රණයෙහි ශක්තීන් හා හැකියාවන් නොමැතිව නිර්දිෂ්ට ප්‍රතිපත්තියෙහි අපේක්ෂිත අරමුණු සාධනය අභියෝගාත්මක වන බවයි. ඉ- රාජ්‍ය ප්‍රතිපත්තියෙහි සාර්ථක ක්‍රියාත්මක වීමක් සඳහා නම්‍යශීලි, ස්ථාපිත, නෛතික පදනමක් සහිත ශක්‍යතාවයකින් යුත් ආයතනික ව්‍යුහයක් පැවතිය යුතුය. en_US
dc.language.iso other en_US
dc.publisher Center for Indigenous Knowledge and Community Studies (CIKCS) Sabaragamuwa University of Sri Lanka en_US
dc.subject ඉ-රාජ්‍ය en_US
dc.subject ආයතනික ධාරිතාවය en_US
dc.subject ප්‍රතිපත්ති en_US
dc.subject කාර්යක්ෂමතාවය en_US
dc.title ශ්‍රී ලංකාවේ ඉ - රාජ්‍ය ප්‍රතිපත්තියෙහි සාර්ථකත්වයට ආයතනික ධාරිතාවයේ බලපෑම en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account