Sabaragamuwa University of Sri Lanka

නාග සංකල්පය චිත්‍රණය විෂයෙහි කලාත්මක ඇගයීම හා දෘශ්‍යමය ආඛ්‍යාන

Show simple item record

dc.contributor.author ඉලංගසිංහ, අයි.එම්. ටි.
dc.date.accessioned 2023-10-23T09:53:51Z
dc.date.available 2023-10-23T09:53:51Z
dc.date.issued 2023-09-22
dc.identifier.issn 2478-0642
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/3961
dc.description.abstract චිත්‍ර ශිල්පියා සිතුවම් පින්තාරු කිරිමේ දි බිතු සිතුවම්වල ප්‍රස්තුතයනට අදාලව දෘශ්‍යමය සාධක (චරිත,ද්‍රව්‍ය, පරිසරය) රාශියක් සංඥාවන් ලෙස භාවිතා කර ඇත. නාග සංකල්පය චිත්‍රණය කිරිම විෂයෙහි කලාත්මක ඇගයීම හා දෘශ්‍යමය ආඛ්‍යාන පිළීබඳව හඳුනාගැනිම පර්යේෂණයේ අරමුණ විය. ‘‘ නාග සංකල්පය චිත්‍රණය කිරිමේ දී කලාත්මක ශක්‍යතාවන් හා දෘශ්‍යමය ආඛ්‍යාන විශද කෙරෙන අංගයන් මොනවාද?’’ යන්න පර්යේෂණයේ ගැටලුවය. ස්ථානිය නිරීක්ෂණ මගින් ලබාගත් බිතු සිතුවම් ඡායාරූප, දළ සටහන්, තොරතුරු ආදී දත්ත, බිතු සිතුවම් පිළිබඳ ප්‍රකාශිත ග්‍රන්ථ, ලිපි ලේඛන වල විස්තෘත දත්ත හා තොරතුරු, විධිමත් ක්‍රමයකට ගොනු කෙරිණි. ඒවා නිරීක්ෂණයෙන් හා පරිකල්පනයෙන් දෘශ්‍යමය රූ සංඥා බිතු සිතුවම් වල ඇති සංකේත, රූපක, තේමා ආදියෙහි ඵෙතිහාසික පැවැත්ම, ඒවාගේ සංස්කෘතික නිරූපණ විලාශයන් කාලය හා අවකාශය හරහා ඒවා විචළ්‍යයන්ට භාජනය වු ආකාරය අධ්‍යයනය කරමින් බිතු සිතුවම් නිර්මාණ සතු ශිල්පීය ශඛ්‍යතා හා සංස්කෘතික අනන්‍යතාවන් පිළිබඳව කථන ගෙතිමේ දී රූපාර්ථවේදය (Iconography) පර්යේෂණයේ ක්‍රමවේදය ලෙස භාවිත කෙරිණි. බිතු සිතුවමක් මත සංඛේත, රූපක , තේමා හා ප්‍රස්තුත, නිර්මාණ විලාශය, මාධ්‍යමය විචල්‍යතා ( වර්ණ රේඛා හැඩතල), දෘශ්‍යරූප ස්ථානගත කිරිම, ශීල්පීය ශඛ්‍යතාවය, කේවල චිත්‍ර ශිල්පීන් හා ගුරුතුලවල දෘශ්‍යමය ශිල්පීය න්‍යායන්ත විශ්ලේෂණය කිරිමේ ප්‍රවේශයක් ලෙස රූපාර්ථවේදී ක්‍රමවේදය භාවිත විය. ප්‍රමුඛ ලෙස බිතු සිතුවම්හි ප්‍රස්තුත පිළිබඳ කථන ගෙතිම, ඒවාගෙන් නිරූපිත දෘශ්‍ය රූපයන්හි නිර්මාණ ශාඛ්‍යතාවන් හඳුනාගැනිම ආදී දෘශ්‍යමය විශ්ලේෂණයක් සඳහා රූපාර්ථවේදී ක්‍රමය භාවිත විය. වසම්මලේ, ගිරා පොකුණු හෙල හා කුඩුම්බිගල යන බිතු සිතුවම් ස්ථානවල නාග රුව චිත්‍රණය කිරිමේදී, පෙන ගොබ රාශියක් යොදා ගැනිම, ස්වාභාවිකත්වය නිර්මාණශිලීව යොදාගත් ආකාරය, නිදහස් රේඛාව, ඝනත්වය ගොඩනැගිම ආදිය චිත්‍ර ශිල්පියා විසින් යොදාගත් දෘශ්‍යමය ආඛ්‍යානයන් ලෙස හඳුනාගත හැකිය. ඒවා දෘශ්‍යමය විශ්ලේෂණයකට ලක්කිරීමෙි දී චිත්‍ර ශිල්පියා සතු නිර්මාණ ශක්‍යතාවන් විශද කෙරෙන බවද නිගමනය කළ හැකිය. en_US
dc.language.iso other en_US
dc.publisher Center for Indigenous Knowledge and Community Studies (CIKCS) Sabaragamuwa University of Sri Lanka en_US
dc.subject බිතු සිතුවම් en_US
dc.subject නාග රුව en_US
dc.subject දෘශ්‍යමය සංඥාර්ථ en_US
dc.subject කලාත්මක ඇගයීම් en_US
dc.subject දෘශ්‍යමය ආඛ්‍යාන en_US
dc.title නාග සංකල්පය චිත්‍රණය විෂයෙහි කලාත්මක ඇගයීම හා දෘශ්‍යමය ආඛ්‍යාන en_US
dc.title.alternative වසම්මලේ, ගිරා පොකුණු හෙල හා කුඩුම්ගල යන ස්ථානවල බිතු සිතුවම ඇසුරෙනි en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account