Sabaragamuwa University of Sri Lanka

ශ්‍රී ලංකාවේ මාර්ගගත ඉගෙනුම් ප්‍රතිපත්තිය සහ එහි නැගී එන අභියෝග

Show simple item record

dc.contributor.author රංවල, කේ. ඒ. ජී.
dc.contributor.author පතිරණ, ජී. සී. එල්.
dc.date.accessioned 2024-08-14T09:10:44Z
dc.date.available 2024-08-14T09:10:44Z
dc.date.issued 2024-05-06
dc.identifier.issn 2478-0642
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/4413
dc.description.abstract කලින් කලට ලොව පුරා ඉදිරිපත් වන අධ්‍යාපන ප්‍රතිපත්ති විවිධාකාරය. මාර්ගගත අධ්‍යයනය යනු එසේ ඉදිරිපත් වූ නව අධ්‍යයන රටාවකි. මාර්ගගත ඉගෙනුම් ප්‍රතිපත්තියෙහි ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් වර්ධනය වීම සිදුවන්නේ කොවිඩ් වසංගත තත්වයත් සමගය. සාම්ප්‍රදායිකව පංති කාමරයක භෞතිකව ගලා යන ශ්‍රී ලංකාවෙහි අධ්‍යාපන රටාවට මෙම මාර්ගගත අධ්‍යාපනයෙහි ආගමනය අභියෝග රැසකට මූල පාදක විය. “ශ්‍රී ලංකාවේ මාර්ගගත ඉගෙනුම් ප්‍රතිපත්තිය සහ එහි නැඟී එන අභියෝග රත්නපුර දිස්ත්‍රික්කය ඇසුරින්” අධ්‍යයනය කිරීම මුඛ්‍ය අරමුණ කරගනිමින් පර්යේෂණය සිදු කරන ලදී. මෙම අධ්‍යයනය මිශ්‍ර අධ්‍යයන ක්‍රමවේදය යටතේ ප්‍රාථමික සහ ද්විතීයික දත්ත පදනම්ව සිදු කර තිබේ. ප්‍රශ්නාවලි සහ සම්මුඛ සාකච්චා මගින් ප්‍රාථමික දත්ත රැස් කර ගත් අතර පොත් පත්, සඟරා,ලිපි ලේඛන, අන්තර්ජාලය හරහා ද්විතීයික දත්ත ලබා ගන්නා ලදී. නියැදි ප්‍රමාණය අසූවක් වන අතර එය රත්නපුර දිස්ත්‍රික්කයේ තෝරාගනු ලැබූ පාසල් ත්‍රිත්වයකින් ගුරුවරුන් දස දෙනෙකුගෙන් සහ ශීෂ්‍යයන් හැත්තෑ දෙනෙකුගෙන් සමන්විත විය. දත්ත විශ්ලේෂණයේදී තේමාත්මක විශ්ලේෂණය යොදා ගත් අතර දත්ත ඉදිරිපත් කිරීම ප්‍රස්තාර, වගු, රූප සටහන් මත පදනම්ව සිදු කරන ලදී. මෙම අධ්‍යයනය තුළ දී ශ්‍රී ලංකාවේ සබැදි අධ්‍යයන ප්‍රතිපත්තිය නව අභියෝගයන් රැසකට මූල පාදක වූ බව නිගමනය කළ හැකි විය. විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ අධ්‍යාපනයෙන් දුරස් වීම, භෞතික හා මානව සම්පත් හිගය, සහභාගිත්වයෙහි හා ආයතනික ධාරිතාවයෙහි දුර්වලතා සහ අධ්‍යාපනය සීමා වීම ඒ අතරින් සුවිශේෂය. භෞතික සහ මානව සම්පත් ප්‍රසාරණය කිරීම, ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සහ ක්‍රියාත්මක කරන්නන්ගේ සහභාගිත්වය සහ හැකියාවන් වර්ධනය කිරීම මෙම අභියෝගයන්ට විසඳුම ලෙස නිගමනය කරන ලදී. en_US
dc.language.iso en en_US
dc.publisher Center for Indigenous Knowledge and Community Studies (CIKCS) Sabaragamuwa University of Sri Lanka en_US
dc.subject ආයතනික ධාරිතාවය en_US
dc.subject තාක්ෂණය en_US
dc.subject මාර්ගගතඅධ්‍යයනය en_US
dc.subject සහභාගිත්වය en_US
dc.title ශ්‍රී ලංකාවේ මාර්ගගත ඉගෙනුම් ප්‍රතිපත්තිය සහ එහි නැගී එන අභියෝග en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account