Sabaragamuwa University of Sri Lanka

පුරවැසි ගැටලු හා අභියෝග: ආන්තීකරණ ප්‍රජාවක් ලෙස මලෛයග දමිළ ප්‍රජාවගේ සමාජ ආර්ථික දේශපාලනික අර්බුදය

Show simple item record

dc.contributor.author ගුණසේකර, සුරංජිත්
dc.date.accessioned 2024-08-14T09:35:35Z
dc.date.available 2024-08-14T09:35:35Z
dc.date.issued 2024-03-01
dc.identifier.issn 2478-0642
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/4415
dc.description.abstract ශ්‍රී ලංකාව තුළට වර්ෂ 1823-1824 දී දකුණු ඉන්දියානු දමිළ ප්‍රජාවක් පැමිණි අතර ඔවුන් මෙරට වතු වගාවන් සඳහා ගෙන්වා ගන්නා ලදී. ඉන් පිරිසක් මෙරට ස්ථීර වශයෙන් පදිංචි වූ අතර ඔවුන්ට පුරවැසිභාවය පිළිබඳ ගැටලු විටින් විට මතුවිය. නමුත් 2003 අංක 35 දරණ පුරවැසිභාවය පිළිබඳ පනත සංශෝධනය කරමින් සියලුම ඉන්දීය දමිළ ප්‍රජාවන්ට පුරවැසිභාවය ලැබී අවසන් විය. නමුත් මොවුන්ගේ පුරවැසිභාවය පිළිබඳ වර්තමානයේ ප්‍රහේළිකාවක් බවට පත්වන්නේ ඔවුන්ගේ ජීවන තත්ත්වය හේතුවෙනි. ඒ අනුව මෙම අධ්‍යයනයේ ප්‍රධාන ගැටලුව බවට පත්වූයේ සුළුතර ප්‍රජාවක් ලෙස මලෛයග දමිළ ප්‍රජාව දීර්ඝ කාලීන සමාජ ආර්ථික හා දේශපාලනික ප්‍රපංචයන්ගෙන් බහිෂ්කරණය වීමට බලපාන ලද පුරවැසිභාවයේ අර්බුදය සොයා බැලීමයි. එහිදී පර්යේෂණ අරමුණ බවට පත් වූයේද මොවුන්ගේ මෙම අර්බුදයට සැඟවුණු හේතු සාධකයන් සොයා බැලීමයි. උප අරමුණු ලෙස රජයේ භූමිකාවන් හා වෙනස් කොට සැලකීම් මෙන්ම ප්‍රජාවගේ භූමිකාවන් හා සංවර්ධනයේ පවතින දුර්වලතා හඳුනා ගැනීමත් වේ. මෙම පර්යේෂණය ගුණාත්මක පර්යේෂණ සැලැස්මක් යටතේ සිදු කරනු ලැබූ අතර නුවරඑළිය ප්‍රදේශයේ අහඹු ලෙස තෝරාගත් දත්තදායකයින් විසිදෙනෙකුගෙන් ප්‍රාථමික දත්ත ගැඹුරු සමඟ සාකච්ඡා හා නිරීක්ෂණයන් තුළින් රැස් කරගත් අතර ද්විතියික දත්ත ලෙස Institution of Social Development යන ආයතනයෙන් ලබාගත් ලිපි හා වාර්තා ඇතුළත් වේ. මලෛයග දමිළ ජනතාව ජාතියට වඩා ජනවාර්ගිකත්වයට මුල් තැන ලබාදීම හේතුවෙන් ඔවුන් විසින්ම ඔවුන්ව සමාජය තුළ ආන්තීකරණයට ලක් කරගෙන ඇත. එහිදී ඔවුන්ට ශ්‍රී ලාංකික පුරවැසිභාවය තිබුණද ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා හඬක් නැගීමට නොහැකි වන්නේද ඔවුන් තුළ පවතින්න දැනුමේ දුර්වලතාවය හා ඒ හරහා සමාජය තුළ බලයක් නොමැති වීමෙනි. එමෙන්ම ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීම නිවැරදි සමාජානුයෝජනයක් සියලුම පරම්පරාවන්වලට සිදුකිරීම, එමෙන්ම උපසංස්කෘතිය මෙන්ම මහා සංස්කෘතියට අනුගත වීම, සමාජයේ සාමාජිකයන් විසින්ම බලගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු නොවීම හේතුවෙන් පුරවැසිභාවය හිමිවුවද ඔවුන්ට මෙවැනි වූ සමාජ ආර්ථික දේශපාලනික ගැටලුවලට දීර්ඝ කාලීනව මුහුණ දීමට සිදුවී ඇත. එමෙන්ම රාජ්‍ය අංශයේ භූමිකාවන් ලෙස ප්‍රතිපත්ති සකස් කිරීමේදී ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවන්ට අවධානය යොමු වූ කිරීමත් මෙම ප්‍රජාවගේ සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා ඔවුන්ට සුදුසු නිසි සවිබල ගැන්වීමේ ක්‍රමවේදයක් සකස් කිරීමත් වැදගත් වේ. අවසාන වශයෙන් නිසි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීමත් ඒ වෙනුවෙන් ජනතාවගේ අවධානයක් නොමැතිවීම මත මෙම දමිළ ප්‍රජාව දීර්ඝ කාලීනව සමාජ, ආර්ථීක හා දේශපාලනික සංවර්ධන ගැටලුවලට මුහුණ දේ. එය තවදුරටත් රටේ අනෙකුත් ප්‍රපංචයන්ටද බලපෑමක් එල්ල කළ හැකිය. en_US
dc.language.iso en en_US
dc.publisher Center for Indigenous Knowledge and Community Studies (CIKCS) Sabaragamuwa University of Sri Lanka en_US
dc.subject ආර්ථිකය en_US
dc.subject දමිළ ප්‍රජාව en_US
dc.subject දේශපාලනය en_US
dc.subject පුරවැසිභාවය en_US
dc.subject රාජ්‍ය en_US
dc.subject සංස්කෘතිය en_US
dc.subject සමාජානුයෝජනය en_US
dc.title පුරවැසි ගැටලු හා අභියෝග: ආන්තීකරණ ප්‍රජාවක් ලෙස මලෛයග දමිළ ප්‍රජාවගේ සමාජ ආර්ථික දේශපාලනික අර්බුදය en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account