Abstract:
කලාත්මක ප්රකාශනවලට ආවේණික වූ අද්විතීය නිර්මාණ රටා සහ ශිල්පීය ක්‍රම තුළ පැහැදිලි සමාජ
අනන්‍යතා සහ සාරධර්මවල ප්රකාශනය මූර්තිමත් වේ. මෙම සංසිද්ධිය විදහා දක්වන පුරාවිද්‍යාත්මක
වටිනාකමකින් යුත් හඟුරන්කෙත විෂ්ණු දේවාලයේ සංකීර්ණ මෝස්තරවලින් අලංකාර කරන විශිෂ්ට
ලෙස නිමවන ලද පෙතිකඩ සිතුවම් දෙකකි. මෙම අධ්‍යයනය මගින් එහි එක් පෙතිකඩ සිතුවමක්
නියැදිය ලෙස භාවිත කෙරිණ. එහි පනේල තුනක චිත්රණය කර ඇති කාන්තා සහ පුරුෂ රූපවල ඇඳුම් සඳහා යොදාගෙන ඇති ජ්‍යාමිතික මෝස්තර රටා අධ්‍යයනයට ලක් කරමින් ඒවා ජ්‍යාමිතික මූලධර්ම
මත පදනම්ව එම මෝස්තර රටා පිළිබඳ විස්තරාත්මක වර්ගීකරණයක් හා මෙම නිර්මාණවලට
ආවේණික වූ ජ්‍යාමිතික මාන පිළිබඳ සියුම් ගවේෂණයක් සිදු කෙරිණ. මෙම අධ්‍යයනයේ “ජ්‍යාමිතික”
යන යෙදුම රූපමය සහ මල් රටා බැහැර කරන සීමාකාරී අර්ථයකින් භාවිත කර නොමැති බව සඳහන්
කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ වෙනුවට, එහි යෙදුම අවධාරණය කරන්නේ මෝස්තරවලට පහළින් පවතින
ජ්‍යාමිතික ව්‍යුහය පිළිබඳවය. පසුකාලීන ජ්‍යාමිතික අධ්‍යයනයන් කලාත්මක සංකීර්ණතා පිළිබඳ පුළුල්
අවබෝධයක් සඳහා දායක වන අතර, ජ්‍යාමිතික සැලසුම් අංග සහ මෙම කලාත්මක ප්‍රකාශන තුළ
අන්තර්ගත වූ පුළුල් සංස්කෘතික හා සෞන්දර්යාත්මක මාන අතර ඇති සංකීර්ණ
අන්තර්ක්රියාකාරිත්වය පිළිබඳ ආලෝකය විහිදුවයි.