Abstract:
ර්ණකොරල් සීනු” ලෙස පොදුවේ හඳුන්වන ආකර්ෂණීය පත්‍ර සහ සීනුව හැඩැති මල් දරන බහු වාර්ෂික ශාකයකි. වාණිජ පරිමාණයේ වගාවන් වලදී වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා මහා ප්‍රචාරණය කිරීමට වෙනුවට පටක රෝපණ ප්‍රොටෝකෝල සකස් කර ඇත. මුල් පූර්වකය මඟින් හෝ රසායනාගාර ආසාදක මඟින් හඳුන්වා දෙන ලද ක්ෂුදා ජීවීන් විසින් ශාක පටක රෝපණ වගාවන් විටින් විට ආසාදනය වී ඇති බව සොයා ගැනේ. මේ නිසා පටක රෝපිත පැළ වලට බලපෑමක් ඇති නොකර දිලීර ආසාදනය වර්ධනය මර්දනය කිරීමේ අවශ්‍යතාවයක් පවතී. නාලාස්ථ ප්‍රචාරණය කරන ලද ් Heuchera hybrida වල දිලීර ආසාදක හඳුනා ගැනීම සහ සුදුසු දිලීර නාශක භාවිතා කර ඒවා පාලනය කිරීම මෙම අධ්‍යයනයේ මූලික අරමුණ වේ.