dc.description.abstract |
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ගොවීන් කුරුඳු පොතු, කුරුඳු කොළ තෙල් නිස්සාරණය සඳහා භාවිතා කරන අතර ආර්ථික නිෂ්පාදනයක් ලෙස භාවිතා කරන්නේ කුරුඳු පොතු, කුරුඳු තෙල් පමණි. පොතු ඉවත් කිරීමෙන් පසු කුරුඳු දැව මෙම කර්මාන්තයේ ඉතිරි වේ. බොහෝ විට පොතු රහිත දැවමය ද්‍රව්‍ය දර ලෙස පමණක් භාවිතා කර ඇත. එම නිසා කුරුඳු දර ඵලදායී ලෙස භාවිතා කිරීමට ක්‍රමයක් සොයා ගැනීම ප්‍රධාන අවශ්‍යතාවයකි. තවත් ගැටලුවක් වන්නේ, බොහෝ කෘෂිකාර්මික ඉඩම් වල රසායනික පොහොර භාවිතා කරන අකාරය කාර්යක්‍ෂම නොවීමයි. එබැවින් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම, පාංශු හායනය, පෝෂක කාන්දු වීම, පරිසර දූෂණය, මහජන සෞඛ්‍ය අවධානම් ඉහළ යාම සිදු වේ. එය කළමණාකරණය කිරීමට උපාය මාර්ගයක් ලෙස කුරුඳු දැව යොදා ගනිමින් අගය එකතු කළ නිෂ්පාදනයක් හඳුන්වා දිය හැකි අතර එය පරිසර හිතකාමී වන අතර පෝෂක කාන්දු වීම් ගැටලු අවම කර පොහොර කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීම ද සිදු කරයි. තවත් ගැටලුවක් නම් ගොවීන්ට ජෛව අඟුරු සකස් කිරීමේ ක්‍රම පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැති වීමයි. එබැවින් වර්තමාන අධ්‍යනයේ අරමුණ වූයේ, කුරුඳු දැව මඟින් ජෛව අඟුරු සකස් කිරීමේ විවිධ ක්‍රම පසෙහි පෝෂක රඳවා තබා ගැනීම හා මුදා හැරීම කෙරෙහි ඇති බලපෑම අධ්‍යනය කිරීමයි. |
en_US |