Abstract:
මෙනේරි (Panicum miliaceum L.) යනු ප්‍රොටීන්, විටමින් සහ ඛනිජ ලවණවලින් පොහොසත් සහ ග්ලයිසමික් දර්ශකය අඩු Poaceae පවුලේ ඌන උපයෝගී ධාන්‍ය බෝගයකි. ආහාර නිෂ්පාදනය, ජල හිඟය, සහ මන්දපෝෂණය වැනි ගෝලීය ගැටළු සඳහා විසඳුම් ලබා දීමට මෙනේරි වලට හැකියාව ඇත. මෙනේරි වල බෝග වැඩිදියුණු කිරීම සඳහා එහි ජාන විවිධත්වය පිළිබඳ තොරතුරු අවශ්‍ය වේ. මෙහිදී ශාක අභිජනනය පසුගාමී කරන ප්‍රධාන ලක්ෂණය එහි තෝරා ගැනීමේ ක්‍රියාවලියයි. එම නිසා විශේෂ හඳුනාගැනීමටත්, වැදගත් රූපාණු දර්ශී ලක්ෂණ හඳුනාගැනීමටත් අණුක ජීව විද්‍යාත්මක විශ්ලේෂණයන්හි දී නිවාරක පරීක්ෂාවන් අත්‍යන්තයෙන් වැදගත් වේ. පහත අධ්‍යයනයේ දී මෙනේරි ප්‍රභේද 5ක් විශ්ලේෂණයට ලක් කරන ලදී.