Sabaragamuwa University of Sri Lanka

ශ්‍රී ලංකාවේ මෑ කරල් (Vigna unguiculata) ප්‍රභේද දෙකක පසු අස්වනු ආයු කාලය සහ පසු අස්වනු ගුණාත්මකභාවය කෙරෙහි 1- මෙතිල්සයික්ලොප්‍රොපීන් වල බලපෑම විශ්ලේෂණය කිරීම

Show simple item record

dc.contributor.author රණවීර, ආර්. ඒ. ටී. එම්.
dc.contributor.author කුමාර, ජී. ඩී. කේ.
dc.date.accessioned 2024-11-20T09:45:11Z
dc.date.available 2024-11-20T09:45:11Z
dc.date.issued 2021
dc.identifier.isbn 978-624-5727-38-4
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/4538
dc.description.abstract ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන එළවළු අතරින්, මෑ කරල් යනු ඉහල පෝෂණ ගුණයක් සහිත ජනප්‍රිය එළවළුවකි. ලොව පුරා එය වාණිජමය වශයෙන් වගා කරන අතර, එහි කරල් ආසියාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව සහ දකුණු යුරෝපය ආවරණය වන නිවර්තන සහ උපනිවර්තන කලාපවල පරිභෝජනය කරයි. මෑ කරල්වල ආයු කාලය කෙටිය. අස්වනු නෙලීමෙන් පසු කරල් දුඹුරු පැහැ වීම, විජලනය සහ මෘදුවීම නිසා එහි වටිනාකම අඩුවන අතර ප්‍රවාහනයේදී සහ විකිණීමේදී අඩු ගුණාත්මක බවක් ඇති කරයි. අඩු උෂ්ණත්ව ගබඩා කිරීම මඟින් මෑ කරල් කල්තබා ගත හැකි වුවද, කරල් සිසිල්- සංවේදී (chilling-sensitive) වන අතර 10 ⁰C ට අඩු උෂ්ණත්වවලදී දින කිහිපයකට පසුව හානි විය හැක. එතිලින් මඟින් එළවළුවල ගුණාත්මක පිරිහීම වේගවත් කරයි. 1- මෙතිල්සයික්ලොප්‍රොපීන් යනු එතිලින් ප්‍රතිග්‍රාහක සමඟ අන්තර්ක්‍රියා කිරීමෙන් එළවළුවල එතිලින් සංඥා කිරීම වලක්වන එතිලින් ක්‍රියාකාරීත්ව නිශේධකයකි. 1- මෙතිල්සයික්ලොප්‍රොපීන් වල ඇති විෂ නොවන ක්‍රියාකාරීත්වය, අඩු වියදම සහ අපද්‍රව්‍ය ඉතිරි නොවීම වැනි ගුණාංග නිසා පසු අස්වනු එළවළු සංරක්ෂණය සදහා විදේශ රටවල බහුලව භාවිතා කරයි. නමුත්, මෑ කරල්වල පසු අස්වනු ආයු කාලය සහ පසු අස්වනු ගුණාත්මකභාවය කෙරෙහි 1- මෙතිල්සයික්ලොප්‍රොපීන්වල බලපෑම අඩු වශයෙන් අධ්‍යනය කර ඇති අතර හවරි මෑ සහ මස් මෑ ප්‍රභේද පිළිබද වාර්තා නොමැත. එබැවින් මෙම අධ්‍යනයේ අරමුණ වන්නේ එම ප්‍රභේද දෙකෙහි පසු අස්වනු ආයු කාලය සහ පසු අස්වනු ගුණාත්මකභාවය කෙරෙහි 1- මෙතිල්සයික්ලොප්‍රොපීන්වල බලපෑම විශ්ලේෂණය කිරීමයි. en_US
dc.language.iso other en_US
dc.publisher ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්‍රකාශනයකි en_US
dc.subject Vigna unguiculata en_US
dc.subject 1- Methylcyclopropene en_US
dc.subject Post harvest quality en_US
dc.title ශ්‍රී ලංකාවේ මෑ කරල් (Vigna unguiculata) ප්‍රභේද දෙකක පසු අස්වනු ආයු කාලය සහ පසු අස්වනු ගුණාත්මකභාවය කෙරෙහි 1- මෙතිල්සයික්ලොප්‍රොපීන් වල බලපෑම විශ්ලේෂණය කිරීම en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account