Sabaragamuwa University of Sri Lanka

කුරුඳු (Cinnamomum zeylanicum Blume) සඳහා කාබනික යෙදවුම් සහිත විකල්ප තවාන් බඳුන් පිළිබඳ අධ්‍යනය

Show simple item record

dc.contributor.author පතිරණගේ, එස්. එස්. එස්.
dc.contributor.author තරංගා, කේ. එච්. ජී. එම්.
dc.contributor.author අම්පිටියවත්ත, ඒ. ඩී.
dc.date.accessioned 2024-11-20T09:52:29Z
dc.date.available 2024-11-20T09:52:29Z
dc.date.issued 2021
dc.identifier.isbn 978-624-5727-38-4
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/4539
dc.description.abstract සත්‍ය කුරුඳු (Cinnamomum zeylanicum Blume) යනු ශ්‍රී ලංකාවට ආවේණික කුළුබඩු ශාක වර්ගයකි. අපනයන වෙළඳපොළට සපයන කෘෂිකාර්මික නිෂ්පාදන අතරින් දෙවන විශාලතම කෘෂිකාර්මික නිෂ්පාදනය කුරුඳු වන අතර එය තේ වලට පමණක් දෙවැනි වේ. මුළු අපනයන ප්‍රතිශතයෙන් 11% ක් කුරුඳු අපනයනයෙන් ලැබෙන අතර මෙක්සිකෝව එම අපනයන වලින් වැඩිම පරිභෝජනය සිදුකරන රට වේ. ශ්‍රී ලංකාවේ කුරුඳු වලින් 44% ක් මෙක්සිකෝව මිලදී ගන්නා විට 13% ක් මිලදී ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය දෙවන විශාලතම ගැනුම් කරුවා වී ඇත.ඵලදායි කුරුඳු වගාවක් සඳහා රෝපණ බදුන ඉතා වැදගත් ස්ථානයක් ගන්නා අතර එහි අඩංගු තවාන් බදුන් මාධ්‍ය ශාක වර්ධනයට හා සංවර්ධනයට වැදගත් වන පෝෂක වලින් සමන්විත විය යුතුය. කුරුඳු තවාන් සඳහා නිර්දේශිත බඳුන් සංරචක වන්නේ මතුපිට පස් (ගව ගොම : කර දහයියා : සහ රළු වැලි (1:1:1:1). නමුත් ගොවීන් තවන් මාධ්‍ය සඳහා අමුද්‍රව්‍ය සැපයීමේදී දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුවේග විශේෂයෙන් ගුණාත්මක මතුපිට පස සහ පෝෂක අවශ්‍යතාව සදහා යොදන වියලි ගොමග ගුණාත්මක මතුපිට පස් වල ඇති දුර්ලභ බව නිසා ඒ වෙනුවට යටි පස බොහෝ විට භාවිතා කෙරේ. මතුපිට පස් එහි භෞතික, රසායනික සහ ජීව විද්‍යාත්මක ගුණාංගවලින් පොහොසත් ය. ශාක වර්ධනය සඳහා ඉතා වැදගත් වේ. මතුපිට පස් හා සමානව, යටි පස ද වැලි, රොන්මඩ සහ මැටි වැනි කුඩා අංශුවල විචල්‍ය මිශ්‍රණයකින් සමන්විත වන නමුත් කාබනික ද්‍රව්‍ය හා හියුමස් ප්‍රතිශතය බෙහෙවින් අඩු ය. එබැවින්, පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය අඩු නිසා ශාක වැඩීමට එතරම් හොඳ නැත. අඩු සාරවත් බව නිසා යටි පස පමණක් භාජන මිශ්‍රණය ලෙස භාවිතා කරන්නේ නම් පෝච්චිවල ඇති බීජ පැල ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා සම්මත මට්ටමට නොපැමිණේ. එබැවින්, කුරුඳු පැළ සඳහා අඩක් පිළිස්සූ දහයියා, සාන්ද්‍ර ක්ෂුද්‍ර ජීවී අඩංුග ද්‍රාවණය (Concentric Microbial Solution – CMS) සහ ග්ලිරිසීඩියා ශාකයේ යුෂ සහිත ද්‍රාවණයෙන් පොහොසත යටි පස් තවාන් මාධ්‍යක් ලෙස යොදාගැනීමේ හැකියාව ඇගයීමට වත්මන් අධ්‍යයනය සිදු කරන ලදී. en_US
dc.language.iso other en_US
dc.publisher ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්‍රකාශනයකි en_US
dc.subject Cinnamomum zeylanicum Blume en_US
dc.subject Alternative Nursery Pots en_US
dc.title කුරුඳු (Cinnamomum zeylanicum Blume) සඳහා කාබනික යෙදවුම් සහිත විකල්ප තවාන් බඳුන් පිළිබඳ අධ්‍යනය en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account