Abstract:
ශ්‍රී ලංකාවේ පාරිභෝජනය කරන කොළ එළවළු අතරින් ගෝවා ප්රමුඛ ස්ථානයක් හිමිකර ගන්නා අතර එය බ්රැසිකේසියේ කුලයට අයත් වේ. ගෝවා වසර පුරාම වෙළද පොළ තුල දක්නට ලැබෙනුයේ බොහෝ පිරිසක් පාරිභෝජනය සඳහා තෝරාගනු ලබන ජනප්‍රිය එළවළුවක් නිසාවෙනි. නමුත් ගෝවා වගාව සඳහා විශාල වශයෙන් නයිට්රජන් අඩංගු රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත කරන බැවින් එහි පෝෂණීය වටිිනාකම විනාශ වී සෞඛ්‍යයට අහිතකර විෂ රසායනයන් ශාකය තුල තැම්පත් වේ. ඒ අතරින් නයිටේ්රට අයන මූලික ස්ථානයක් හිමිිකරගනී. සාමාන්‍යයෙන් පුද්ගලයකුට දෛනිකව තම දේහ බරෙන් 3'7 mg/kg නයිටේ්රට අයන ප්‍රමාණයක් පාරිභෝජනයට ගත හැකි අතර එම මට්ටමට වඩා වැඩිපුර පාරිභෝජනය කිරීම නිසා අමාශ හා මුත්‍රාශ පිළිකා වලට භාජනය වීමේ වැඩි අවධානමක් පවතී. එමෙන්ම නිල් දරු උපත් ඇතිවීම සඳහා ද මූලිකව ම බලපානු ලබනුයේ නයිටේ්රට අයන වේ. මෙම හේතූන් පදනම් කරගනිමින් මෙම පරීක්ෂණය සිදු කළ අතර මෙහිදී විවිධ රසායනික හා කාබනික පොහොර මට්ටම් යටතේ නයිටේ්රට තැම්පත් වීම හා අවම නයිටේ්රට ප්‍රමාණයක් තැම්පත්වන පොහොර සංයෝජනය තෝරා ගැනීම මෙහි මූලික අරමුණු වේ.