Abstract:
පොටෑසියම් (K) යනු ඵලදායී ගොවිතැනක් සඳහා අත්‍යවශ්‍ය ශාක පෝෂකයකි. පසෙහි ශාකයට ලබා ගත හැකි පොටෑසියම් ප්‍රමාණය සාමාන්‍යයෙන් ඉතා අඩු වන අතර 9%ක් පමණ ප්‍රධාන කොටස ශාක සඳහා ලබාගත නොහැකි ඛනිජ වේ. පවතින අඩු පොටෑසියම් මට්ටම සමඟ, නිරන්තරයෙන් සිදුවන කෘෂිකර්මාන්තය හරහා ශාකයට ලබාගත හැකි පාංශු පොටෑසියම් අඩු විය හැක. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශාකවල ඌනතා ලක්ෂණ නිරීක්ෂණය කළ හැකි අතර බෝග අස්වැන්න හා ගුණාත්මකභාවය පහත වැටේ. එබැවින් පොටෑසියම් පොහොර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. නමුත් රසායනික පොහොර අධික ලෙස භාවිතා කිරීම පාංශු සාරවත් බව ක්ෂය වීමට සහ භූගත ජල ලවණතාවයට අහිතකර ලෙස බලපායි. තවද රසායනික පොහොර යෙදීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවේ. මෙම ගැටළු විසඳීම සඳහා තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කළ යුතුය. බෝගවලට අවශෝෂණය කල හැකි ප්‍රමාණය වැඩි කිරීම සඳහා පාරිසරික වශයෙන් ආරක්ෂිත සහ ලාභදායී විකල්පයක් හඳුනාගත යුතුය. එම නිසා, කොම්පෝස්ට් සහ ජෛව පොහොර(ජීවමූර්තම්) යනාදී කාබනික යෙදීම් මඟින් පසෙහි පවතින, ශාකයට ලබාගත හැකි පාංශු පොටෑසියම් මට්ටම තක්සේරු කිරීම මෙහි මූලික අරමුණ වේ.