Abstract:
කොළ එළවළු වල ක්ෂුද්‍ර පෝෂක, විටමින් සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු බැවින් එය සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක වැදගත් අංගයකි- කෙසේ වෙතත් කොළ එළවළු පසු අස්වනු හානි වලට ගොදුරු වීමේ හැකියාව වැඩි නිසා සීඝ්රයෙන් පසු අස්වනු ආයු කාලය කෙටි වීම සහ ගුණාත්මකභාවය අඩු වීම වැනි ගැටළු වලට මුහුණ දීමට සිදු වේ- 1-Methylcyclopropene (1-MCP) යනු නැවුම් එළවළු සහ පළතුරු සඳහා පසු අස්වනු ප්‍රතිකාරකයක් ලෙස විිදේශ රටවල බහුලව භාවිතා කරන රසායනික සංයෝගයකි-
එම සංයෝගයෙහි ඇති, එතිලීන් නිෂේදක හැකියාව මෙහිදී ප්‍රයෝජනයට ගැනේ. ශ්‍රී ලංකාවේ කොළ එළවළු සඳහා 1-MCP භාවිතය පිළිබඳ වත්මන් පර්යේෂණ සීමිතය- මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වූයේ සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ (27±1 ℃) 1-MCP භාවිතයෙන් ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන කොළ එළවළු වර්ග තුනක් වන ලීක්ස් (Allium ampeloprasum), කංකුං (Ipomea aquatica) සහ කතුරුමුරුංගා (Sesbania grandiflora) වල පසු අස්වනු ගුණාත්මකභාවය පවත්වා ගනිමින් පසු අස්වනු ආයු කාලය දීර්ඝ කිරීමයි-