Abstract:
තේ යනු ලෝකයේ වගා කරන ප්‍රධාන වැවිලි භෝගයක් වන අතර ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳපොළ සඳහා උසස් තත්ත්වයේ කළු තේ නිෂ්පාදනය කරන ප්‍රධාන නිෂ්පාදකයෙකු ලෙස හැඳින්වේ. ජාතික තේ නිෂ්පාදනයෙන් 75%කට වැඩි ප්‍රමාණයක් මෙම අංශයෙන් ලැබෙන බැවින් කුඩා තේ වතු අංශය මගින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ශක්තිමත් වේ. එබැවින් කුඩා තේ වතු හිමියන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට සැලකිය යුතු දායකත්වයක් සපයයි. ඵලදායිතාව නොමැතිකම කුඩා තේ වතු හිමියන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ලෙස සැලකේ. එබැවින් රජයේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීම ප්‍රධාන වශයෙන් කුඩා තේ ඉඩම්වල ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා පාළු සිටුවීම සහ නැවත වගා කිරීමේ වැඩසටහන් කෙරෙහි අවධානය යොමු වී ඇත. මේ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වා දෙන ලද පාළු සිටුවීම පදනම් කරගත් තේ සංවර්ධන ව්‍යාපෘතියේ බලපෑම තක්සේරු කිරීමට මෙම අධ්‍යයනය උත්සාහ කරයි. තේ කොළ අස්වැන්න, ගෘහ ආදායම සහ වත්කම් දර්ශක ඇතුළු තිරසාර ජීවනෝපාය පියවරයන් සහ ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රතිලාභීන්ගේ අදහස් මඟින් ව්‍යාපෘතියේ බලපෑම අධ්‍යයනය මඟින් තක්සේරු කරන ලදී. කුඩා තේ වතු අංශයේ බාධාවන් සහ එවැනි බාධාවන් මඟහරවා ගැනීම සඳහා සුදුසු ප්‍රතිපත්ති විකල්පයන් ද අධ්‍යයනයෙන් ගවේෂණය කරන ලදී.