Abstract:
ශ්‍රී ලංකාවේ වී කර්මාන්තය රටේ ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරයි. පහතරට තෙත් කලාපය සෑම විටම සහල් නිෂ්පාදනයේ ස්වාරක්ෂක කලාපයක් ලෙස සේවය කරයි. ජාතික ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහාල පහතරට තෙත් කලාපයේ කඹුරු ඉඩම්වල ඵලදායිතාව ඉහළ නැංවීම ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාණිජ බෝගය වී වේ. බෙන්තොට ප්‍රදේශයේ 1983 වසරේ හෙක්ටයාර් 2524ක් වූ කුඹුරු ඉඩම් වගා කළ අතර 2013 වසරේ වගා කර ඇත්තේ හෙක්ටයාර 245ක් පමණ අතහැර දමා ඇත හෙක්ටයාර් 1385ක් පමණ කුඹුරු 2018 වන විටත් කිසිවකට ප්‍රයෝජනයට fගන නැත (පියදාසල රණසිංහ සහ හේරත්ල 2018). කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල පිළිවෙලින් අක්කර 12456ක් සහ අක්කර 10005ක් වගා කළ හැකි පුරන් කුඹුරු ඉඩම් ඇත. බෙන්තොට ප්‍රදේශය කෘෂිකාර්මික නිෂ්පාදන ධාරිතා මට්ටමට වඩා පහළින් ඇති අතරල මෙම අති විශාල අතහැර දමා ඇති කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු උපාය මාර්ගයක් ක්‍රියාත්මක කර හෝ හඳුන්වා දී නොමැත. බෙන්තොට පහළගම්හය ගොවිජන සේවා කොට්ඨාශයේ කුඹුරු ඉඩම් අත්හැරීමට බලපාන සාධක හඳුනා ගැනීම මෙම අධ්‍යයනයේ අරමුණු වේ. කුඹුරු ඉඩම් අත්හැරීමට හේතු සාධක හඳුනා ගැනීම ගැටලු නිරාකරණය කර ගනිමින් වී නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට උපකාරී වනු ඇත. මෙම පර්යේෂණය ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට පහළගම්හය ගොවිජන සේවා කොට්ඨාශයේ ක්‍රියාත්මක කිරීම මඟින් මෙම ප්‍රදේශයේ කුඹුරු ඉඩම් අත්හැරීමේ ප්‍රවණතාව අවම වන අතර ගාල්ල දිස්ත්‍රික් වී නිෂ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇත.